පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් ලැගුම්හලකින් හමුවෙයි..
කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබද පිහිටී මහල් පහකින් සමන්විත තාවකාලික නවාතැන්පොළක තුන්වන මහලින් ඇද වැටී මියගිය පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
කළුතර දකුණ පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ඊයේ (06) රාත්‍රියේ එම සිරුර සොයාගත් බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියකි.
පොලීසිය පැවසුවේ, අදාළ සිසුවියගේ දෙමාව්පියන් විසින් ඇයව හඳුනාගත් බවයි.
එම සිසුවිය ඊයේ පස්වරුවේ තවත් තරුණ යුවළක් සහ තරුණයෙකු සමග එම තාවකාලික නවාතැන්පොළට පැමිණ ඇති අතර තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන එහි රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
පොලිසීය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, සිසුවිය සමග පැමිණි අනෙක් යුවළ ඇයගේ මළසිරුර සොයාගැනීමට කෙටි වෙලාවකට පෙර නවාතැන්පොළෙන් පිටව ගොස් ඇති අතර, ඇය සමග පැමිණි තරුණයා කාමරයෙන් පිටව ගොස් ඇති බවයි.
පොලීසිය සඳහන් කළේ, තරුණියගේ සිරුරේ ස්ථාන කිහිපයක සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරන අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
