හදිසි පාසල් නිවාඩුවක් ගැන තීරණයක් ගන්නැයි දැනුම්දීමක්..හෙට පැසල් වැසේ..?
                                    
                    Ministry of Education
                
                                                
                    TN Weather
                
                                                
                    Weather
                
                                                
                    Sri Lankan Schools
                
                                                
                    Education
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    හෙට (03) පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරෙන බවයි, අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් මහතා පවසා සිටිනවා.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන්කර සිටියේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි.
අධික වර්ෂා තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 9ක නායයෑමේ අවදානම් කලාප තවදුරටත් වැඩිවී ඇත.
මෙම අවදානම හෙට උදෑසන 7:00 දක්වා බලාත්මක බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.
මේ අතර කොළඹ, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට තුන්වන අදියර හෙවත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබීමද විශේෂත්වයක්.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    