8 -12 වන ශ්‍රේණි වලින්ම පාසල් සිසුන්ටත් පශ්චාත් උපාධි පාඨමාලා. - ඒක වෙන්නේ මෙහෙමයි.

Ministry of Education Ranil Wickremesinghe Government Of Sri Lanka Sri Lankan Schools Education
By Wayomi Jun 24, 2024 02:29 PM GMT
Report

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, 8 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් “Cambridge Climate Quest” ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලයේ හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමට නියමිතව තිබෙනවා.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.


එමෙන්ම කලාපීය උසස් අධ්‍යාපන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) විවිධ විෂය ක්ෂේත්‍රයන්හි උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සහ අධ්‍යයන ප්‍රවේශ වැඩසටහන් සඳහා අවස්ථාව සලසා දෙමින් සිය විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් මෙරට තුළ ආරම්භ කිරීමට ද නියමිතයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - හදිසියේම විශ්වවිද්‍යාල අවට පොලිස් ආරක්ෂාව තර කෙරේ.

මොකක්ද මේ වෙන්න යන්නේ? - හදිසියේම විශ්වවිද්‍යාල අවට පොලිස් ආරක්ෂාව තර කෙරේ.


මෙරට පාසල් සිසුන්ට “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව

 ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ශ්‍රී ලංකාවට

දකුණු ආසියාවේ දියුණුතම, අනාගත කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” (Cambridge Climate Quest) ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ද කටයුතු කර තිබේ.

ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නයිට් ක්ලබ් ගිහින් ද? - ඇත්ත ඔප්පු වෙයිද? - වෙන්න යන දේ මෙන්න. - (VIDEO)

ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නයිට් ක්ලබ් ගිහින් ද? - ඇත්ත ඔප්පු වෙයිද? - වෙන්න යන දේ මෙන්න. - (VIDEO)


මේ අනුව 8 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” (Cambridge Climate Quest) ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා කර දී ඇති අතර දේශගුණය සහ තිරසරභාවය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුමෙන් ශ්‍රි ලාංකික තරුණ පරපුර සන්නද්ධ කිරීම එහි අරමුණයි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය සහ ඇගයීම් සේවයේ (Cambridge University Press and Assessments) ගෝලීය අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ඔස්ඩන් (Christine Ozden)මහත්මිය පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිය පූර්ණ සහය පළ කරන බවටද ඇය සහතික වූවාය.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.


දේශගුණික සහ තිරසරභාවය යන විෂය පථයන්ගේ ඉදිරියෙන්ම සිටින කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය වන “කේම්බ්‍රිජ් සීරෝ” හි (Cambridge Zero) විද්වතුන් විසින් මෙම පාඨමාලාව සම්පාදනය කර තිබෙන අතර පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට කේම්බ්‍රිජ් සහතිකයක් ලබාදීමට ද නියමිතය.

එමෙන්ම ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දුර්ලභ හට ගැනීමක්. - බලන්න මීට කලින් මෙහෙම නෙලුම් දැකලා තියේද කියලා. - (PHOTO)

දුර්ලභ හට ගැනීමක්. - බලන්න මීට කලින් මෙහෙම නෙලුම් දැකලා තියේද කියලා. - (PHOTO)


ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කොලින් ස්ටර්ලින්ග් (Professor Colin Stirling) මහතා ද පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඊට අදාළ වැඩිදුර සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත මෙම නව මණ්ඩපය මඟින් ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය, ව්‍යාපාර කළමනාකරණය, මූල්‍යකරණය, අලෙවිකරණය සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රවල උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙන යාමට නියමිත අතර එම ක්ෂේත්‍ර සඳහා වන අධ්‍යයන ප්‍රවේශ වැඩසටහන් සඳහා ද කලාපීය වශයෙන් පවතින ඉල්ලුම සපුරාලීම අපේක්ෂා කෙරේ.

අපස්මාර රෝගීන්ට මෙන්න සුබ ආරංචියක්. - දරුවෙකුට කළ අත්හදා බැලීමකින් පසු සොයාගත් සුපිරි ප්‍රතිකර්මය. (VIDEO)

අපස්මාර රෝගීන්ට මෙන්න සුබ ආරංචියක්. - දරුවෙකුට කළ අත්හදා බැලීමකින් පසු සොයාගත් සුපිරි ප්‍රතිකර්මය. (VIDEO)


ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති වෛද්‍ය හර්ෂ අලස්, අරවින්ද ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති මාධ්‍ය අංශය 2024-06-24

තවත් ඉන්ධන මිල අඩු වීමක් ළඟදීම? - බැරලයක නව මිල මෙන්න.

තවත් ඉන්ධන මිල අඩු වීමක් ළඟදීම? - බැරලයක නව මිල මෙන්න.