සියලු පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක්.. අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ තීරණයක් ගනී..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Aruna Mar 01, 2024 12:00 AM GMT
Report

පාසල් පොත් බෑගයේ බර වැඩවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ අවධානය යොමු වී ඇති අතර එහි පියවරක් වශයෙන් තෝරා ගත් පෙළපොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබීමද පාසල් සිසුන්ගේ පැත්තෙන් සතුටුදායක ආරංචියක්.

තවද සිසුන්ගේ පොත්බෑගේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගත යුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

මාධ්‍ය ඒකකය

අධ්‍යාපන අමාත්‍යාංශය