පාසල් සිසුන් සමඟ ලොරිරථයක් පෙරළී යයි..10කට තුවාල...02ට බරපතලයි.(PHOTOS)

Ministry of Education
By Aruna Aug 09, 2022 06:54 AM GMT
Report

බිබිල, දොඩන්ගොල්ල ප්‍රදේශයේදි පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද දින උදෑසන මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් ගත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා සිටියදී රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.

බිබිල මුලික රෝහලට ඇතුලත් කළ අවුරුදු 15-16 වයස්වල සිසුන් 10 දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය පැවසුවේ.

සිසුන් 14 දෙනෙකු ලොරියට නංවාගෙන බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පැවැත්වෙන ක්‍රීඩා උත්සවයකට රුගෙන එමින් සිටියදි අනතුර සිදුව තිබෙන බවත්, අනතුර සිදුවන අවස්ථාවේදි ප්‍රදේශවාසීන් තුවාලකරුවන් රෝහල වෙත රුගෙන ගොස් ඇත.

අනතුරින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා රෝහල් ගතව සිටින අතර බිබිල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඡයාරූප අයිතිය Accident 1st. 

පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery