රට පුරා සෑම පාසලකම ළමුන් වෙනුවෙන් කරන්න යන විශේෂ දේ මෙන්න...

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Mar 06, 2024 05:49 AM GMT
Report

පාසල් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාසල් ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජාතික ළමාරක්ෂක අධිකාරිය ආරම්භ කර තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, ‘‘ළමා ආරක්ෂාව පිළිබඳ නිත්‍ය තානාපති වැඩසටහන’’ නමින් හැඳින්වෙන මෙම වැඩසටහන යටතේ සෑම පාසලකම ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පුහුණු කිරීමට කටයුතු කරන බවයි.

ඒ යටතේ ළමා වින්දිතයන් හඳුනාගත හැකි ආකාරය සහ ළමා අපයෝජන අවස්ථාවලදී ශිෂ්‍ය නායකයන් හා නායිකාවන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කෙරේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික සමුළුවක්ද මේ වස රේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.