මෙරට පාසල් සිසුන්ට සුබ ආරංචියක්..කරන්න යන දේ මෙන්න..
දිවා ආහාර අවශ්‍යතා සහිත තවත් සිසුන් ලක්ෂ දහයකගේ ලේඛනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලැබ තිබෙනවා.
මෙම ලේඛනය යොමු කර ඇත්තේ දිවා ආහාරය දැනට ලබා දෙන සිසුන් නව ලක්ෂ අසූ දහසට අමතරව ය.
මෙම සිසුන් නව ලක්ෂ අසූ දහස තෝරා ගෙන ඇත්තේ දසදහස් දෙසිය පනස් හයක් වන පාසල් අතරින් පාසල් හත්දහස් නවසියයක පමණ සංඛ්‍යාවකිනි.
ජනාධිපති ලේකම් කාර්යාලයට අලුතින් යවා ඇති ලේඛනයේ සිටින සිසුන් තෝරාගෙන ඇත්තේ සියලු පාසල් නියෝජනය වන ආකාරයට බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇතැම් ජාතික පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුහු ද ඊට ඇතුළත් වෙති.
මෙම ලේඛනයේ සිටින සිසුන් සඳහා වෙනම ආධාර ක්‍රමයක් යටතේ දිවා ආහාර සැපයීමට නියමිත බව ඉහත ආරංචි මාර්ග කීවේය.
දිවා ආහාර වේලක් වෙනුවෙන් සැපයුම්කරුවන්ට ලබා දෙන මුදල රුපියල් සියයක් වන අතර මෙම මාසය සඳහා ද රුපියල් සියයක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ.
දිවා ආහාර ලබාදීම වෙනුවෙන් වාර්ෂිකව වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි දෙසියයක් පමණ වෙයි.
සතියකට බිත්තර දෙකක් ඇතුළුව ධාන්‍ය වර්ග මෙන්ම වියළි හාල්මැස්සන් ද දිවා ආහාර වට්ටෝරුවට ඇතුළත්ය.
මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ දී පාර්ලිමේන්තුවේ දී ද අවස්ථා කිහිපයකදීම වාදවිවාද ඇති වූ අතර පවතින ආර්ථික තත්ත්වයන් මත දිවා ආහාර අවශ්‍යතා සහිත සිසුන්ගේ සංඛ්‍යාව ලක්ෂ දහයකින් පමණ වැඩි විය හැකි බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත එක් අවස්ථාවක දී ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |