බස් රථයෙන් විසිවූ පාසල් සිසුවා ජීවිතක්ෂයට..!
Sri Lanka
Accident
By Sewvandhi
පල්ලේබැද්ද ප්‍රදේශයේදී බස් රථයකින් පිටතට විසිවූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
අද (15) අලුයම පල්ලේබැද්ද කළුවරගහ වංගුව ආසන්නයේදී වන්දනා ගමනක් රැගෙන යමින් සිටි බස් රථයක් අනතුරට ලක්ව ඇත. පොලීසිය පවසන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ කාණුවකට වැටී මෙම අනතුර සිදුව ඇති බවය.
එහිදී බස් රථයේ එන්ජින් පෙට්ටිය මත වාඩිවී සිට ඇති මෙම පිරිමි ළමයා ඉවතට විසිවී ගොස් ඇති බව වාර්තා වෙයි. ඉන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. ගොඩකවෙල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |