ශිෂ්‍යත්ව උපකාරක පන්ති, වැඩමුළු පැවැත්වීම තහනම් කෙරේ..!

Sri Lanka Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination
By Sewvandhi Dec 09, 2022 09:43 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින්  එළැඹෙන දාහතර වෙනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.

අදාල තහනම වලංගු වන්නේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන තුරු පමණක් වන අතර එම තහනම පනවා ඇත්තේ 1927/49 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් සංශෝධිත 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ නියෝග ප්‍රකාර අනුවයි.

ඒ අනුව විභාග අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන සහ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම ආදිය තහනම් වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now