ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂාව ගැන විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination
By Sewvandhi Jan 26, 2023 03:51 AM GMT
Report

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහැරීමට පියවර ගත් බවයි.

 www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කකය හා මාධ්‍යය අනුව අදාළ කඩඉම් ලකුණු සමග සඳහන් කර තිබේ.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව 20,000ක් වන අතර ඒ අතරින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන් කර තිබීම විශේෂත්වයකි.

යම් සිසුවෙකුට ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් පෙබරවාරි 28 වන දින දක්වා ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGallery