ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මස නිකුත් කරයි?..ඇත්ත නැත්ත මෙන්න.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සියයට 99 ක් අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් ජයසුන්දර ගෙන් කළ විමසීමකදී පැවසුවේ එම උත්තරපත්රවල ගැටළු තිබේ දැයි මේ වනවිට පියවර කිහිපයක් යටතේ පරීක්ෂා කිරීම් සිදුකරන බවයි.
එම කටයුතු අවසන්වීමෙන් පසු ප්රතිඵීල පරිගණක ගත කිරීමේ කටයුතු ආරම්භ කෙරෙනවා.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ගැටළු කිහිපයක් වාර්තවූ සිද්ධීන්වලට අදාළ විමර්ශන කටයුතුද මේ වනවිට අවසන් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
යම් අසාධාරණයක් වූ සිසුන් සිටීනම් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ඔවුන්ට ද සාධාරණයක් ඉටු කිරීමටද නියමිතයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළ නිකුත් කරන බවටයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ.
2022 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය දෙසැම්බර් 18 වනදා පැවැත්වුණා.
දිවයින පුරා මධ්‍යස්ථාන 2,894කදී පැවැත්වූ එම විභාගය සදහා සිසුන් තුන් ලක්ෂ තිස් හතර දහස් හයසිය අනූ අට දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර 2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වනවා.
එදිනෙන් පසු උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරිමද තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
උසස් පෙළ විභාගය ලබන 23වනදා සිට පෙබරවාරි 17වනදා දක්වා පැවැත්වෙනවා.
මේ අතර 2021 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් ලබා ගත් පොලිස් නිලධාරීන්ගේ දරුවන් ඇගයීම අද සිදු කරනවා.
ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී. එම උත්සවය කොළඹ දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වෙන අතර එහිදී දරුවන් 40 දෙනෙකු ඇගයීමට නියමිතයි.
එම දරු දරුදැරියන්ට පාසල් පොත් සහ උපකරණද ලබා දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |