අද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විදිය මෙන්න..වැඩි විස්තර මෙතනින් දැනගන්න.

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination
By Aruna Dec 18, 2022 12:51 AM GMT
Report

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද(18) දිනයේ පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

2022 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතයත් සමග එම දෙසැම්බර් මාසය දක්වා කල් දැමුණා.

ඒ අනුව, අද විභාග මධ්‍යස්ථාන 2894 කදී අපේක්ෂකයන් තුන් ලක්ෂ 34,698 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.

පෙර වසරට සාපේක්ෂව මෙවර විභාගය පැවැත්වීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන කියා සිටියේ දෙවන ප්‍රශ්න පත්‍රය මෙම වර්ෂයේ සිට පළමුව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව අද දින උදෑසන 9.30සිට 11.15 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර 11.45 සිට 12.45 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සියලුම දරුවන්ට සාර්ථකව විභාගයට මුහුණදීමට ශක්තිය ලැබේවායි ගගන ප්‍රවෘත්ති අංශයේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now