ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට කඩා වැටෙන දෙයක් ගැන දැනුම්දීමක්. - (VIDEO)
                                    
                    Satellites
                
                                                
                    Technology
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ඉදිරි පැය කිහිපය තුළ පුරෝගාමී යුරෝපීය චන්ද්‍රිකාවක් පෘථිවියට පතිත වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
පෘථිවි කක්ෂයේ රඳවා තිබූ මෙම චන්ද්‍රිකාව අද (21) පොළොවට කඩා වැටීමට නියමිත බවයි යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිවේදනය කර ඇත්තේ.
මෙම චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයට යවා රැඳවූයේ 1995 දී වන අතර එය කඩා වැටීම ආරම්භ වූයේ 2011 වසරේ සිටයි.
එම ERS-2 නැමති මෙම චන්ද්‍රිකාවේ ඇස්තමේන්තුගත බර රාත්තල් 5057ක ප්‍රමාණයක් ගන්නා බවත්,අද අධික වේගයකින්, ගිනි ගෙන දැවෙමින් මෙය පෘථිවියට කඩා වැටීමට නියමිත බවත්, එයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවන බවත් යුරෝපා විද්‍යාඥයන් සඳහන් කරනවා.
කෙසේ වෙතත් පෘථිවි වායුගෝලයට පිවිස අධික වේගයෙන් පහළට එද්දී, චන්ද්‍රිකාවෙන් වැඩි කොටසක් ගුවනේදීම විනාශ වනු ඇති බවයි යුරෝපා විද්‍යාඥයන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.
 
                                        
                                         
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    