සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවූ පක්ෂවලට ජනපතිගෙන් විශේෂ ආරාධනාවක්..!

Politics President sri Lanka Gotabhaya Rajapaksha Sarva Pakshika Samuluva Ari Lanka
By Sewvandhi Mar 23, 2022 03:49 PM GMT
Report

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා .

කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අවතීර්ණ වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැගෙ ඒමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දෙන අතර සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින් අද (23) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සඳහා යෝජනා සහ අදහස් අපේක්ෂාවෙන් සමුළුව කැඳවා තිබුණා. පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ සිය යෝජනා ලිඛිතව හා වාචිකව සභාවට ඉදිරිපත් කළ අතර රටත් ජනතාවත් වෙනුවෙන් සිය උපරිම දායකත්වය සහ කැපවීම සර්ව පාක්ෂික සමුළුවට ඉදිරියේ දී ලබාදෙන බව ද පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ කියා තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වත්මන් ආර්ථික තත්ත්වය සමුළුවට ඉදිරිපත් කළා. සර්ව පාක්ෂික සමුළුව අවංක ප්‍රයත්නයක් බවත් කිසිදු දේශපාලන වාසි අපේක්ෂාවක් හෝ පටු අරමුණක් ඒ තුළ නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

රජය කළ ආරාධනය පිළිගත් සහ ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනිමින් සහභාගී වූ සියලුම පක්ෂවලට ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමුවා. සහභාගී නොවූ සෙසු පක්ෂ වලට පැමිණ සිය ස්ථාවරය සර්ව පාක්ෂික සමුළුව හමුවේ ප්‍රකාශ කරන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.

ඉදිරිපත් කළ සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඵලදායී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට හැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now