මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගෙන් දැඩි තීරණයක්..!

Sri Lanka politics cabinet minister Sarath weerasekara ministry of defence cainet
By Sewvandhi Apr 17, 2022 11:57 AM GMT
Report

රටේ පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමා තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

තමා කවදත් රටේ ඒකියභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර ඉදිරියටත් රට සහ ජනතාව වෙනුවෙන් යුතුකම ඉටුකරන බවද සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now