මන්ත්‍රී හයිය ගත් සනත් නිශාන්තගේ සහෝදරයා - පොලිස් සැරයන්වරයෙකු ද ඇතුළුව පුද්ගලයෙකුට පහර දෙයි..එම අවස්ථාවේ දර්ශන..(CCTV VIDEO)
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
පුත්තලම ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් පහරදෙන ආකාරය කැමරාවක සටහන්ව තිබුණා.
පහරකෑමට ලක්වූ පුද්ගලයා හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු පවසන්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපලානඥයෙකුගේ වැඩිමහල් සහෝදරයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි.
මෙහිදී අදාළ ඉන්ධන පිරවුම්හලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට ද අදාළ පුද්ගලයා විසින් පහරදීමක් සිදුකර ඇති අතර පොලිස් සැරයන්වරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට කරුණු වාර්තාකර තිබෙනවා.
ඒ අනුව ඔහුට පොලිසියට වාර්තා කරන ලෙසට දැනුම්දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |