සමෘද්ධි සමග ලැබෙන අනෙකුත් වරප්‍රසාද ඉවතට - අලුත්ම තීරණයක්..

Manusha Nanayakkara Sri Lanka
By Sewvandhi Jan 19, 2023 02:37 AM GMT
Report

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ,සමෘද්ධි දීමනාව සමග ලබාදෙන අනකුත් වරප්‍රසාද ඉවත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සමෘද්ධි සහනධාරය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බවය.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ ,ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනුයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

"නැතිබැරි අය අමාරු අය බලාගන්න ඕන. ඒ අයව සවිබල ගන්වන්න ඕන. ශක්තිමත් කරන්න ඕන, ඒ අයව ස්වයංව නැගිටින තැනට ගේන්න ඕන. එහෙම නැතුව දේශපාලන අවශ්‍යතාව මත දේශපාලන යාන්ත්‍රනයක් විදියට සමෘද්ධිය තියාගෙන යන්න දෙන්නේ නෑ. සමෘද්ධිය හා බැඳුනු මේ අනෙකුත් අනෙකුත් අනෙකුත් කාරණා අයින් කරන්න මම ජනාධිපති තුමාට ගිහිල්ලා කතා කළාම මට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. සමෘද්ධිය දෙන්න ඕන අයට සමෘද්ධිය දෙන්න ඕන. සුදුසු අයට සමෘද්ධිය දෙන්න ඕන. අදටත් සමෘද්ධිය නොහම්බවෙන, ඒත් තවත් අපහසුතා තියෙන අයට උදව්කරන්න ඕන. හැබැයි අර සම්බන්ධ කරලා තියෙන දේවල්. අනෙකුත් වරප්‍රසාද අයින් කිරීම වෙනුවෙන් මට කවුරු බැන්නත් මම පෙනී ඉන්නවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now