ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම ගැලවී ගිය අයුරු කැමරාවක සටහන් වෙයි - (CCTV VIDEO)

Sri Lanka Accident Department of Railways
By Sewvandhi Apr 09, 2023 10:24 AM GMT
Report

සමුද්‍රදේවි දුම්රියේ උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් ගැලවී ධාවනය වන අයුරු CCTV කැමරාවල සටහන්ව තිබුණි.

අද (09) උදෑසන උතුරු කළුතර සහ නොම්මර එක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී එම සිදුවීම සිදුව ඇති බව දුම්රිය බලධාරීන් සඳහන් කළේය. දුම්රියේ එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමිටරයක පමණ දුරක් ධාවනය වී ඇති බව වාර්තා වනවා. 

දුම්රිය නියාමක මැදිරියේ කප්ලිමට ඉහළින් දුම්රිය එන්ජිමේ කප්ලිම පැනීම හේතුවෙන් එය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ. මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
JOIN NOW