චිරන්තයි සමිතයි මාස දෙකක් තිස්සේ කරපු දෙයක් ගැන චිරන්ත සැරෙන් කියයි..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Aruna Aug 29, 2022 04:36 AM GMT
Report

සමිතා මුන්දුන්කොටුව කියන්නේ ලංකාවේ ගීත කලාව තුල කිසිදා අමතක නොවෙන ජනප්‍රිය ගායිකාවක්. සංගීත වැඩ කටයුතු වලට අමතරව සමිතාගේ පවුලේ ජිවිතේ ගැන ඕනතරම් සමාජ මාධ්‍යන් තුල කතාබහට ලක්වෙලා තියනවා.

අතුල සමගින් ඉන්න කාලයේ ඉඳලා අද වෙනකල්ම සමිතා අතුල චිරන්ත කියන මාතෘකාවන් ගැන වැඩියෙන් කතාබහට ලක්වෙනවා.

නිරන්තරයෙන් ඒ විදියට පුවත් මවන සමිතාගේ කැදැල්ල ගැන මාස දෙක තුනකින් වැඩිය කතාකරනවා දකින්න ලැබුනේ නැහැ.

ඉතින් මේ නිසාම ඔවුන්ට ආදරේ කරන රසික රසිකාවියන් සොයන පටන් ගත්තා සමිතා හා චිරන්ත කොහේ ගිහිල්ලද කියලා.

මේ ගැන සොයා බලාදී අපිට දැනගන්න ලැබුනේ පසුගිය කාලයේ සමිතා ගායන වැඩ කටයුතු එක්ක කාර්යභහුල වෙලා හිටියා කියලා.

තම ආදරණිය බිරිඳ ගැන චිරන්ත පවසන්නේ මෙහෙම කතාවක්.

මගේ බිරිඳ සහ පවුලේ අයත් එක්ක සතුටින් ජිවත් වෙනවා.

මම දන්නේ නැහැ ඒකත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇයි කියලා.

අවුරුදු එකොළහක් සමිතා තනියම ළමයි දෙන්නත් හදාගෙන හොඳින් හිටියා.

මොකක්හරි පිනක් තිබුන නිසා සමිතා මට ලැබුන දවසේ ඉඳලා සුලු පිරිසක් ඉරිසියාවට කතා කියනවා.

අපි දෙන්නගේ වයස් පරතරය ගැන කතා කරනවා.

ඇත්තටම ආදරේ කරනවානම් දෙන්නෙකුගේ වයස් පරතරයක් බලපාන්නේ නැහැ.

අපි ප්‍රසිද්ධ අය නිසා අමෙහෙම හැමෝම කතා වුනාට අපි වගේ ප්‍රසිද්ධ නැති මිනිස්සු ලංකාවේ කීදෙනෙක් ඉන්නවද.

අපෙන් කාටවත් ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැනේ, මටවත් සමිතාටවත් වයස කියන දේ වැඩක් නැහැ.

ඒක නිකම්ම නිකන් ඉල්ලක්කමක් විතරයි කියලයි අපේ අදහස වෙන්නේ.

බලන්න සමිතාගේ කොච්චර ලස්සන සින්දු තියනවද, ඇයට මොනතරම් ලස්සන කටහඬක් තියනවද.

ඇයගේ ගීත කොච්චර ඇහුවත් එපවෙන්නේ නෑ, එයා කියන ගීතයක් වත් අගය කරන්නේ නැති මිනිස්සු මෙහෙම කතා හදද්දී සමිතා ඒ හැමදෙයක්ම ඉවසගෙන නන විදිය බලන්න.

මොනතරම් හිතේ හයියක් තියෙන්න ඕනද එහෙම ඉවසගෙන ඉන්න.

මම අහන්නේ අපි ඔයාලට කරපු වැරැද්ද මොකද්ද, අනුන්ගේ සතුට දැකලා ඉරිසියා කරන්නේ නැතුව තමනුත් ඒ විදියට ජිවත් වෙන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery