චිරන්තව ගෙයින් දොට්ට දැම්ම කියල කිව්වට, සමිතට මලපනී..(PHOTOS)

Sri Lanka Gossip Today
By Aruna Aug 18, 2022 05:34 AM GMT
Report

සමිතා හා චිරන්ත කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය වලින් ඇසෙන නම් දෙකක්නේ.

ටික කාලයක ඉඳලා වැඩි කතාබහක් නැතිවුණු සමිතා සහ චිරන්ත ගැන අලුත් විස්තර මොනවද කියලා සොයලා බලන්නත් එක්ක තමයි මේ සුදානම් වෙන්නේ.

සමිතාගේ ගීත වලට ආදරේ කරන රසිකයින් පිරිස අතරේ ඇයගේ පෞද්ගලිකත්වය ගැන වැඩියෙන් සොයන පිරිසකුත් ඉන්නවා.

කොහොම වුනත් විවේචන වලට නම් සමිතා පොඩ්ඩක්වත් බයවෙන්නෙත් නැහැ, ඒවා ගණන් ගන්නෙත් නැහැ කියලයි කියන්නේ.

එක්තරා අවස්ථාවකදී සමිතාගේ යුටියුබ් වීඩියෝ එකකට කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුනා චිරන්තයව ගෙයින් දොට්ට දැම්මේ ඇයි කියලා අහලා.

එහෙම අහන්න හේතුව මොකක්ද කියලා දන්නේ නම් නැහැ.

හැබැයි ඒකට සමිතාගෙන් සැර උත්තරයක් ලැබිලා තිබුනේ මෙහෙමයි.

අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව පාඩුවේ ඉන්න කියලයි පවසලා තිබුනේ.

මගේ ජීවිතේට ඕනතරම් ප්‍රශ්න ඇවිල්ලා තියනවා, ඒ හැම එකකටම හොඳින් මුහුණ දීපු නිසයි අද ශක්තිමත් කාන්තාවක් විදියට මෙහෙම ඉන්නේ.

දරුවන් දෙන්නෙක් පුංචි කාලේ ඉඳලා හදාගත්තේ තාත්තා කෙනෙකුගෙනුත් වෙන්න ඕන යුතුකම් වගකීම් හැම එකක්ම මගේ අතින්මයි කලේ.

ඒකාලේ කවුරුත් ඇවිත් ඇහුවේ නෑ ඔයාලට තියන අඩුපාඩු මොනවද කියලා. කිසිම කෙනෙක්ට දැන් මාව වට්ටන බැහැ, හැම වෙලාවකම සතුටින් ඉන්න කෙනෙක් මම.

සමහරු අහනවානේ ප්‍රශ්න තියෙද්දිත් සතුටින් ඉන්නේ කොහොමද කියලා එතන මහලොකු රහසක් නැහැ.

අනුන්ගේ ඕපාදුප හියන්නේ නැතුව ඉරිසියා කරන්නේ නැතුව ඉන්නවනම් තමන්ටත් සතුටින් ඉන්න පුලුවන්.

අනිත් එක මම කාටවත්ම වයිර කරන කෙනෙක් නෙවෙයි හැම කෙනෙක්ටම උදේ හවස පින් දෙනවා.

මට ආදරේ කරන ම්නිස්සු අතරින් සුළු පිරිසක් විවේචනය කරනවා කියලා දන්නවා.

මාත් එක්ක ආදරණිය පිරිසක් ඉන්නවා, ඒ සෑම කෙනෙකුග්ම ආශිර්වාදය අපිට තියනවා.

හැමදාමත් මන් උදේ සවස ප්‍රාර්ථනා කරන්නේ හැම මනුස්සයෙක්ම නිදුක් නිරෝගී වෙන්න කියලා.

සමාජයට අපෙන් ප්‍රශ්නයක් නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ.

අපේ පවුල දැන් සම්පුර්ණ වෙලයි තියෙන්නේ හැමදාම සතුටින් ඉන්නේ ඒ නිසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery