කොලිවුඩ් සුපිරි නිලි සමන්තාට අසාද්‍යයි, චිත්‍රපටිත් අත්හරී - (PHOTOS)

Samantha Sri Lanka Gossip Today Indian Actress
By Sewvandhi Nov 13, 2022 02:54 PM GMT
Report

තෙළිඟු , දමිළ, මලයාලම් සිනමා චිත්‍රපටවලින් ඔබේ හද බැඳගත් සුපිරි කොලිවුඩ් තාරකාව සමන්තා ප්‍රභූ ගැන හිතාගන්න බැරිවිදිහේ ආරංචියක් මේ දිනවල අන්තර්ජාලයේ පැතිර යනවා.

පසුගිය මස 29 වැනිදා රෝහල් ඇඳක වැතිර සිටින ඡායාරූපයක්මුල්වරට සමන්තා සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, ප්ලාස්ටික් සැත්කමක් වැරදී යාමෙන් ඇයට මේ ඉරණම අත්වූවා යැයිඉන්දීය මාධ්‍ය අනාවරණය කළා.

තමන් ඉක්මණින් සුව වේවී යන අදහස තිබුණා වුණත් මේ වෙනකොට සැබෑ තත්ත්වය නම් ඒකට වැඩි කාලයක් ගත වෙනවලූ.

“මට හොඳ දවස් සහ නරක දවස් තිබුණා. මේක ගෙවිලා යාවී!! මට අඩියක්වත් ඉස්සරහාට තියන්න බෑ කියලා හිතෙන දවස්තියෙනවා. මම මෙච්චර දුර ආපු එක පුදුමයි. මම මෙතන ඉන්නෙ සටන් කරන්න. අපි අවසානයේ දිනාවී..” සිය රෝගී තත්ත්වයගැන ඇය එසේ හෙළි කර තිබුණා.

මේ අතර, ඇගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී රූගත කෙරෙන තලපති විජෙයිගේ චිත්‍රපටයකින් ද ඇය ඉවත් වන බවටතොරතුරු වාර්තා වනවා. මින් පෙරද ඇගේ සමේ රෝගයක් හේතුවෙන් ශංකර්ගේ “අයි” චිත්‍රපටය ද සමන්තාට අහිමි වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery