සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියෙක් අත්අඩංගුවට..
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (01) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණියේ ය.
ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කළ බව කියන සිද්ධියට අදාළවයි.
ඔහු අද දහවල් 12 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ අවස්ථා කිහිපයකදී සිදුකළ දැනුම් දීම්වලින් පසුවයි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ විභාගයට ගනු ලැබීය.
එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම කියා සිටියේ වෛද්‍ය සමන් රත්නායක ගැන සැකකාරිත්වය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බව ය.
කෙසේ වෙතත්, අවස්ථා කිහිපයක දී පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා සිටිය ද විවිධ හේතු දක්වමින් ඔහු එය මගහැර සිටින බවට අධිකරණයේ දී අනාවරණය විය.