සජබයෙන් හදිසියේම විශේෂ තීරණයක් ගනියි..! නව අගමැති ගැනත් තීරණයක්..

G. L. Peiris R M Ranjith Madduma Bandara Sajith Premadasa Samagi Jana Balawegaya
By Sewvandhi Dec 23, 2023 08:07 AM GMT
Report

ඊයේ (22) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී,  ලබන වසරේ දී ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක වෙත ලබා දීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

ඉදිරි වර්ෂය සඳහා ජනතාවගේ ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළ රැසක් ද සංවිධානය කර ඇති බවයි, ඔහු සඳහන් කළේ.

ජී.එල් පීරිස් මහතා වෙත අගමැති ධුරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡා කර එකඟතාවකට පැමිණ නොමැති බවයි, එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර, සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වන අමිත බණ්ඩාර මහතා පක්ෂයෙන් නෙරපා හැරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි ව තිබේ.

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත්වීම හේතුවෙන් සමගි ජන බලවේගය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර තිබිණි.