රන්ජන්ට ජනපති සමාව දුන් ලිපිය සජබය හදියේම ඉල්ලයි - හේතුව මෙන්න

Lakshman Kiriella Ranjan Ramanayake Sri Lanka Samagi Jana Balawegaya
By Sewvandhi Aug 29, 2022 07:54 AM GMT
Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට අදාළ ලියවිල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීය.

අද උදෑසන පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඔහු එම ඉල්ලීම කළේය. එම ලිපිය "අධ්‍යයනය කිරීමට අවශ්‍ය" බව කිරිඇල්ල මහතා පැවසීය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ එම ලිපිය ලබාදිය හැකි බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now