රටම බලා හිටිය, වැටුප් වැඩි වීම ගැන මේ දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

Government of Uganda Latest Headlines Decision Making
By krishani May 27, 2024 02:02 PM GMT
Report

රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

රටම බලා හිටිය, වැටුප් වැඩි වීම ගැන මේ දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න.. | Salary Of Tea Estate Workers

තේ වතු හිමියන්ගෙන් කරුණු විමසීමකින් තොරව අදාළ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරෙයි මහතා කියා සිටියේ ය. 

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)


එහිදී ඔහු කියා සිටියේ මෙවැන්නකී,

“රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව කිසිඳු සැලකිල්ලක් හෝ තැකීමක් නොකරමින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙන එම තීරණය මඟින් මෙරට තේ සහ රබර් කර්මාන්තයේ සෑම අංශයක්ම තව දුරටත් දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි.

එවැනි අසාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස කුඩා තේ සහ රබර් වතු හිමියන්ට හා කලාපීය වැවිලි සමාගම්වලට බල කිරීමේ උත්සාහය කර්මාන්තයේ මූලික මෙහෙයුම් අවශ්‍යතා කප්පාදු කිරීම තුළින් හෝ සාර්ථක කර ගැනීමට නොහැකියි.

මුළු මහත් වතුකරයේම අනාගතය මේ වන විට අවදානමට ලක්ව තිබෙන අතරම ශ්‍රී ලංකාව පුරා කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවනෝපායද තර්ජනයට ලක්ව තිබෙන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි” 

ඉහළ දැම්ම වැටුප් ඒ විදිහට දුන්නේ නැත්නම් වෙන්නෙ මෙන්න මේකයි..

ඉහළ දැම්ම වැටුප් ඒ විදිහට දුන්නේ නැත්නම් වෙන්නෙ මෙන්න මේකයි..