සේවකයින්ගේ පඩි කැපුවොත් 25 වෙනිදා වෙන දේ මෙන්න.ආණ්ඩුවට රතු එළියක්..
රජයේ වෛද‍්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි තීරණයක් ගනී සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුකලහොත් ලබන 25 වන දිනෙන් පසු දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද‍්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
මේ අතර රටේ පවතින ඉන්ධන හිඟය මත වියදම අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයන් වැඩට කැඳවීම සිමා කරන්නේ නම්, ඒ අනුව නිවසේ සිට රාජකාරි කරන සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සිදුවන බව පසුගියදා ප්‍රකාශ කළා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රධාන පුවත්පතකට ඒ බව කියා සිටියේය.
මේ මොහොතේ රාජ්‍ය සේවකයන් කැඳවීම සීමාකරන ලෙස යෝජනා කරන පිරිස් මෙවැනි වැටුප් කප්පාදුවක් සඳහා එකඟතාවක් පල කරන්නේ නම් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට තමා සුදානම් බව ද ලේකම්වරයා සඳහන් කළේය.
යම් වියදමක් දරා සේවයට පැමිණෙන පිරිසට ගෙවන වැටුප් ප්‍රමාණයම කිසිදු වියදමක් නොමැතිව නිවසේ සිට රාජකාරි කරන පිරිසටත් ගෙවීම අසාධාරණ බවද ලේකම්වරයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |