සක්විති රණසිංහට අධිකරනයෙන් විශේෂ නියෝගයක්..!

Sri Lanka
By Sewvandhi Jan 23, 2023 10:19 AM GMT
Report

අද (23) කොළඹ මහාධිකරණය විසින්  මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පිහිටුවා ගණුදෙනුකරුවන් වෙත අධික පොලී ලබාදෙන බව පවසා තැන්පත් කරවාගත් රුපියල් කෝටි 14කට අධික මුදල නැවත ගෙවීමේ සැලැස්ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් 11දෙනෙකුට නියෝග කළේය. 

 විත්තිකරුවන් විසින් අදාළ මුදල නැවත ගෙවීම සඳහා එකඟ වී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 19ක් යටතේ ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

ඒ අනුව අදාළ සැලැස්ම එළඹෙන නඩු දිනය වන මාර්තු මස 17 වනදා අධිකරණය වෙත දැනුම්දෙන ලෙසට අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now