අනාගතයේ බණ්ඩාරනායක මැතිනිය හා එක්වන බව සජිත් කියයි...

Parliament of Sri Lanka Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka
By Parami Dissanayake May 12, 2024 04:15 PM GMT
Report

 ඊයේ (11) අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අනාගතයේදී බණ්ඩාරනායක මැතිනියගේ පාර්ශ්වය සමගි ජනබලවේගය සමග එකතු වන බව ය.

හෙතෙම "දැන් අපි ගැන හැමෝම බයෙන් ඉන්නේ. පොහොට්ටුවත් බයයි, අලිත් බයයි, සීනුවත් බයයි, මාලිමාවත් බයයි. දැන් ඔක්කෝම එකට එකතු වෙලා එක එක කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා." යනුවෙන එහි දී පැවසී ය.

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ලාංකිකයා. - (VIDEO)

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ලාංකිකයා. - (VIDEO)


"අපේ රජයක් තුළ ඔය එක් එක්කෙනාගේ දේශපාලන ආශාවන් ඉෂ්ට කරන්න අපි අමාත්‍යාංශ වෙන් කරන්නේ නැහැ.

ඉඩම්, ඉඩම් සංවර්ධන, කෘෂිකර්මාන්ත, වාරිමාර්ග, මහවැලි මේ සියල්ලක්ම එක අමාත්‍යාංශයක් යටතට ගෙනල්ලා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා ඒ තුළින් මේ රටේ ගොවියා සැබවින්ම රටේ රජවරුන් බවට පත් කරනවා." යනුවෙන් ද එතුමා එහිදී පැවසීය.