ආණ්ඩුවේ පොරකෑමක් ගැන විපක්ෂනායකවරයා පවසයි..

Sajith Premadasa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Sep 04, 2022 08:13 AM GMT
Report

ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අප්‍රමාණ දුක් විඳින විට ආණ්ඩුව ඇමති තනතුරු බෙදා ගැනීමට පොර කමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසන බලමණ්ඩල රැස්වීමේදි පැවසීය.

ඉදිරියේ දී විදුලි බිල එන විට මේ රටේ ජනතාවගේ සර්වාංගයේ වෙව්ලන්නට පටන් ගන්නා බවත් අහස උසට නැගි ජීවන වියදමෙන් ජනතාව දැනටමත් පෙළෙමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය.

රටේ සිදුවන කාරණා දෙස බලන විට අවස්ථාවාදී දේශපාලනය සම්බන්ධයෙන් හොඳ හැටි පැහැදිලි වන බවත් සූදුවලට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය කිසිවිටෙක සම්බන්ධ නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join