විවාදයට දින දුන් අනුරට සජිත් පිලෙන් ප්‍රතිචාර දක්වයි..ලබන 25 හෝ 26 කරන්න යන දේ මෙන්න..
සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට යෝජනා කර ඇති විවාදය සඳහා ජාතික ජනබලවේගය විසින් තීරණය කර ඇති දින ඇතුළත් ලිපිය ලැබුණු බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අවධාරණය කර සිටිනවා.
තීන්දු කර ඇති දින හතර ජාතික ජනබලවේගය ඒකපාර්ශවිකව තීරණය කර ඇති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පැවසුවේ, එම දින කිහිපය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොදාගත් වෙනත් රාජකාරී කටයුතු ඇති බවයි.

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර විවාදයට දින 04ක් නම් කරයි..අනුර සජිත්ගේ අභියෝගය භාරගත් හැටි මෙන්න..
ඒ, අනුව එළෙඹෙන 25 හෝ 26 වනදා ජාතික ජනබලවේයේ නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී හමු වී දෙපාර්ශ්වයම එකඟවන දිනයක් මෙම විවාදය සඳහා යොදාගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.
නායකයින්ගේ වාදය සහ ආර්ථික කමිටුවේ විවාදය යන දෙකම සිදුකිරීමට එකඟතාවය පළවිය යුතු බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
ජාතික ජන බලවේග ඊයේ (22) ලිපියක් මඟින් දැනුම් දුන්නේ, ලබන මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් ඕනෑම දිනයක් තුළ සමගිජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානයක මහතා අතර විවාදය පැවැත්වීමට සූදානම් බවටයි.