අනුරගෙ ප්ලෑන් එහෙකට සජිත් අහුවුණා ද? ප්‍රසිද්ධ වේදිකාවකදී සිදු වූ දේ බලන්න..
                                    
                    Polonnaruwa
                
                                                
                    Srilanka Freedom Party
                
                                                
                    Sajith Premadasa
                
                                                
                    Samagi Jana Balawegaya
                
                                                
                    Anurag Kashyap
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    සමගි ජනබලවේගය විසින් පොළොන්නරුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් යැයි පවසමින් ගොඩ වූ පුද්ගලයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් බවට හෙලි වී තිබෙනවා.
මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරන්නේ, පොළොන්නරුව නගර සභා අපේක්ෂකයකු යැයි කියමින් එම වේදිකාවට ගොඩ වූ සමන් බණ්ඩාර නමැති පුද්ගලයා පසුගිය මැතිවරණයට නාමයෝජනා භාර දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවයි.
සමගි ජන බලවේගයට එක් වූ පුද්ගලයා තම පක්‍ෂයේ අයෙකු නොවන බවයි, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ද මන්නාරම් ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී කියා සිටියේ.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    