නිදහස ලැබු රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට එන හැටි විපක්ෂනායකවරයා කියයි..

Ranjan Ramanayake Sajith Premadasa
By krishani Aug 27, 2022 12:23 AM GMT
Report

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇතිවන පළමු පුරප්පාඩුවේදීම රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ ජනාධිපති සමාව ලැබූ රන්ජන් රාමනායක මහතා සහභාගී වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

"හරිම කනගාටුයි.රන්ජන්ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් හිමිවෙන්න තිබ්බා.අපි යෝජනා කරනවා ජනාධිපතිතුමාට සියලුම දේශපාලන අයිතිවාසිකම් සහිතව ඒ නිදහස රන්ජන් රාමනායක මහතාට ලබාදෙන්න කියලා.නමුත් අපි ඒක මේ අවස්ථාවේ දැඩි ලෙස විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් මේ නිදහසෙන් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ.එතුමාව කවුරුත් පාලනය කරන වහලෙක් නෙමෙයි. හරි තැනට එතුමා එයි.ඇදලා ගන්න ඕනේ නැහැ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join