විපක්ෂ නායකතුමා ජනතාවගෙන් හා ආරක්ෂක අංශ වලින් හදිසියේම ඉල්ලන දේ...(PHOTO)

Sajith Premadasa Sri Lanka Politician Gota Go Home 2022
By Subodha Jul 13, 2022 10:28 AM GMT
Report

මේ මොහොතේ රටේ පවතින තත්ත්වය මත වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් රට තුළ පවතින වාතාවරණය හමුවේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක්  සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

"දෙදෙනකු ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ කැපවිය යුතු "බව ඔහු කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්ධනය ආරම්භ කොට ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධ ආරක්ෂක අංශ ලවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට ජනතාව මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කැස කවමින් සිටින බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.

මේ මොහොතේත් සන්සුන්ව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන්න යැයි ජනතාවගෙන්ද විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
join now


Gallery