ස්වාධීන වූ මන්ත්‍රීන් සජිත් හමුවෙයි ඉදිරියේදී සිදුවන දේ මෙන්න.

politics srilankan Srilana
By Sithumi Apr 10, 2022 01:42 PM GMT
Report

ජනාධිපතිවරයා සමග අද (10) රාත්‍රීයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර ආණ්ඩුවෙන් ස්වාධීන වූ නිදහස් පක්ෂය ඇතුළු 41 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ දී තවත් සාකච්ඡාවක නිරත වුණි. අනතුරුව ඔවුන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ දීම සමගි ජනබලවේගය පක්ෂය සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ

. එම සාකච්ඡාවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග තමා සහභාගී වන බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා"ට සඳහන් කළේය. ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ බව රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ අතර අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට එක්වූ එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජනතා ඉල්ලීම්වලට සවන්දී නව ආණ්ඩුව සඳහා සුදුසු පුද්ගලයින් පත් කිරීමට පියවර ගත යුතු බවය.