ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ ප්‍රමාදයි..

Cricket Sri Lanka Cricket Department of Prisons Sri Lanka Prisons in Sri Lanka ICC Men
By Piyumika May 17, 2024 07:51 AM GMT
Report

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුනේ මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් සඳහන් කළේ, සැකකරුගේ කටහඬ පරීක්ෂණය සිදු කර තිබුණ ද එම පරීක්ෂාව සිදු කරන යන්ත්‍රය කැඩී තිබීම නිසා ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

ඉංග්‍රීසි හෝඩියෙන් තරුණයෙක් ලෝක වාර්තාවක් තබයි..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න..(VIDEO)

ඉංග්‍රීසි හෝඩියෙන් තරුණයෙක් ලෝක වාර්තාවක් තබයි..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න..(VIDEO)


මෙම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම කටහඬ පරීක්ෂණය මීට වසරකට පමණ ඉහතදී සිදු කළද එහි වාර්තාව මෙතෙක් නොලැබීම තුළින් තම සේවා දායකයාට අසාධාරණයක් සිදුවන බවයි.

2019 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සචිත්‍ර සේනානායක මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා.

සාමාන්‍ය පෙළ ලියූ සියලුම සිසුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්..

සාමාන්‍ය පෙළ ලියූ සියලුම සිසුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්..


කෙසේ වෙතත් මේ සම්බන්දව ඉදිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කටහඬ පරීක්ෂණයට අදාළ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමටද නියම කර ඇත.