ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වහාම ක්‍රියාත්මක පරිදි නව තනතුරකට පත්කෙරේ..!

Police spokesman Sri Lanka Police Sri Lanka
By Sewvandhi Aug 28, 2022 10:29 AM GMT
Report

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යෂවරයා වෙත වශයෙන් පත්කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

රුවන් ගුණසේකර මහතා නව තනතුරට පෙර අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් රාජකාරි කරමින් සිට ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW