නළලට වෙඩි වැදිලා - බිරිඳව බේරගන්න දිවි පරදුවට තබා රුසියා යුද බිමට ගිය එරන්දගේ සංවේදී කතාව..(VIDEO)

Russo-Ukrainian War Accident Russia Latest Headlines
By krishani May 15, 2024 05:01 PM GMT
Report

රුසියානු යුද අර්බුදයට මැදිව ජීවිත අහිමි වූ ආබාධිත තත්ත්වයට පත් වූ සහ විවිධ පීඩාවන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් රැසක් මේ වන විට සිටියි.

නළලට වෙඩි වැදිලා - බිරිඳව බේරගන්න දිවි පරදුවට තබා රුසියා යුද බිමට ගිය එරන්දගේ සංවේදී කතාව..(VIDEO) | Russo Ukrainian War

එම බිහිසුණු අත්දැකීමට මුහුණ දී මෙරටට පැමිණි පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු  කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ එරන්ද චින්තක තෙන්නකෝන් නම් ඔහු යුධ බිමේදී වෙඩි වැදී යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඒ ඉකුත් 9 වැනිදා ය.

එරන්ද රුසියාවේ වෙනත් රැකියාවක නියැලෙමින් සිටියදී රුසියානු කුලී හමුදාවට එක්ව ඇත.

ඒ අනුව යුද බිමේ දී ඔහුගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණ බව ඔහු සඳහන් කළේ ය.

වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න..

වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න..


මින් දෙදිනකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී ඔහු සැත්කමකට භාජනය කර තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.

රුසියානු යුධ බිමේදී එරන්දගේ නළලට වෙඩි වැදීමත් සමග ඔහු රෝහල් ගත කර ඇත.

එහිදී එම රෝහලෙන් ඔහු පැනගොස් සිය මිතුරෙක් මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බව සඳහන් කළේ ය.

ලියුකේමියා රෝගයකින් පෙළුණු සිය බිරිඳගේ ශල්‍යකර්මය සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් එරන්ද රුසියානු කුලී හමුදාවට බැදී තිබෙනවා.

නමුත් ඔහු මෙරටට පැමිණීමටත් පෙර පසුගිය මාර්තු මාසයේ දී සිය බිරිඳ මෙලොවින් සමුගෙන තිබීම සංවේදී කරුණක් විය.

මියගිය කතකට පණ දුන්න ග්‍රාම සේවක - හිතන්නවත් නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා..

මියගිය කතකට පණ දුන්න ග්‍රාම සේවක - හිතන්නවත් නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා..


මේ අතර, රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙන්වා දෙන්නේ, නිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කළහොත් රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා නිරුපද්‍රිතව මෙරටට ගෙන්වාගත හැකි බවයි.

වීඩියෝ දර්ශන - Ada Derana


.