රුසියන් යුක්‍රේන් යුද්ධය යළිත් ඇවිලෙයි...යුක්‍රේනයට දරුණු ප්‍රහාර...

World news Russian war Ukraine war Russian Ukraine war
By Aruna Apr 18, 2022 10:59 PM GMT
Report

යුක්රේනය ඉලක්ක කර රුසියාව යළිත් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වනවා.

විදෙස් වාර්තා පැවසුවේ, යුක්රේනයේ ලිවිව් නුවර ඇතුළු තවත් නගර කිහිපයක් වෙත ද රුසියාව බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

යුක්රේනයේ කිව් අගනුවරට ද රුසියාව බෝම්බ ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊට අමතරව ඔඩෙසා වරාය නගරය ආසන්නයට හා කාකිව් නගරයට ද රුසියාව දරුණු ලෙස රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මරිපෝල් නගරයේ සිටින යුක්රේන සොල්දාදුවන්ට යටත්වීම සඳහා ඊයේ දිනය තෙක් රුසියාවෙන් කාලය ලබාදී තිබුණා.

එහෙත් යුක්රේන සොල්දාදුවන් එලෙස රුසියාවට යටත් වූයේ නැහැ.

ඉන් අනතුරුව රුසියාව යුක්රේනය වෙත ප්‍රහාර දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිවිල් වැසියන් පළා යමින් සිටින ප්‍රදේශවලට ද රුසියාව ප්‍රහාර එල්ල කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now