රුහුණු කුමාරිගේ හෙට සිට යළි වෙනසක්.
Bandula Gunawardane
Sri Lanka Railways
Department of Railways
Railways
By Wayomi
හෙට (16) සිට රුහුණු කුමාරි දුම්රියට වෙනසක් කිරීමට නියමිතයි.
ඒ, අනුව හෙට (16) සිට රුහුණු කුමාරි දුම්රිය නැවතත් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු කියා සිටියේ, මගී ජනතාවට වඩාත් පහසු සේවාවක් ලබා දීම සඳහා මාතර සිට රුහුණුකුමාරි දුම්රිය නැවතත් ධාවනයට එක් කිරීමට කටයුතු කළ බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් තමා වෙත කළ දැනුම්දීම් අනුව රුහුණු කුමාරි දුම්රිය නැවතත් මාතර සිට ධාවනය කිරීමට පියවර ගත් බවත්, ඉන්දියාවෙන් නව දුම්රිය එන්ජින් ලැබුණු පසු බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ගමන් පහසුකම් වඩාත් පුළුල් කරන බවත්ය.