රෝසි සේනානායක ආණ්ඩුව ගැන කිව්ව කතාව..

protest srilankan Rosi senanayake
By Sithumi Apr 13, 2022 12:30 PM GMT
Report

රටේ ආණ්ඩුව රටටත් ජනතාවටත් අත්කර දී ඇති ඉරණමට විසඳුම් සොයනවා වෙනුවට විපක්ෂය සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බව රෝසි සේනානායක මහත්මිය පැවසුවාය

. කොළඹ මහනගර සභාවේ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළාය. ඇය පෙන්වා දෙන්නේ රටේ විපක්ෂය මේ මොහොතේ මෙම තීරණාත්මක ජාතික ගැටළුව වෙනුවෙන් මැදිහත්වීම පිළිබඳ කතා කිරීමට තමාට අයිතියක් ඇති බවය. නමුත් විපක්ෂය එම කාර්යභාරය ඉටුකරනු වෙනුවට අද සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බවද ඇය සඳහන් කරයි.

රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකම මහා පවුලකින් වෙන්ව ගිය සොයුර සොයුරියන්ගෙන් සමන්විත තනි දේශපාලන බලවේගයක් බවය.

අවස්ථාවාදී සහ අදූරදර්ශි දේශපාලකයින් විසින් රටේ වර්තමානය පමණක් නොව නුපන් පරපුර පවා ඛේදනීය ඉරණමකට ඇද දමා ඇති අවස්ථාවක විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති අත්නොහැරිය හැකි සහ පැහැර හැරිය නොහැකි වගකීම වෙනුවෙන් මේ මොහොතේ කැපවිය යුතු බවද ඇය සඳහන් කරයි. ප්‍රශ්න හමුවේ පොදු සම්මුතික වැඩපිළිවෙලක් වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව විශ්වාසයෙන් අත්වැල් බැඳගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් ශක්තිමත් ප්‍රවේශයක් සමගින් ඉදිරියට යනවාද? නැතිනම් බියෙන් මුළුගැන්වී තැන් තැන්වලට වී වගකීමෙන් පළා යනවාද?

යන්න විපක්ෂයේ සියලු දෙනා දැන්වත් තීරණය කළ යුතු බවද ඇය සිය නිවේදනයෙන් විමසා තිබේ. ගිලිහී යන බලය රැකගැනීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටින බව රහසක් නොවන බවද රෝසි සේනානායක මහත්මිය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත. එම සම්පූර්ණ ලිපිය පහතින්,

GalleryGallery