රෝහිත (චිචී) , යුරේනිගේ ෆේස්බුක් ගිණුම පවරා ගනී?..යුරේනිගෙ මූණ රතුවෙන්නම සැර උත්තරයක් දෙයි.(PHOTOS)

Facebook Rohitha Rajapakshe Yureni noshika
By Aruna Apr 08, 2022 08:12 AM GMT
Report

නිරූපණ ශිල්පිනි යුරේනි නොෂිකා ඊයේ දින සිය මුහුණු පොතේ පළ කළ පෝස්ටුවකට මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

එහි සඳහන් වන්නේ, GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කර ඇති බවත්, එය මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්, බවයි.

කෙසේ වෙතත්, මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් රෝහිත සිය ඉන්ස්ටග්රෑම් පිටුවේ සඳහනක් කර තිබුණා.

ඒ, යුරේනිගේ ෆේස්බුක් සටහන උපුටා දක්වමින්.

රෝහිත එහි සඳහන් කර ඇත්තේ, "යුරේනිගේ මෙම පෝස්ටුව ව්‍යාජ එකක්" බවයි.

මේ අතර ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා විසින් සිය Facebook ගිනුමේ තැබූ සටහන මෙන්න.

එහි සඳහන් කර ඇති තොරතුරු උපුටා ගත් සටහනක් ලෙසයි ඇය විසින් එහි දක්වා ඇත්තේ.

එය පහතින් බලන්න...

විශේෂ දැනුම් දීමයි උපුටා ගැනිමකි GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා..

මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්..

ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..

මේ පහත දැක්වෙන සියලුම පේජ්

දිමුවා

පැනියා

ගැන්ස්ටර්

රත්නේ

වෙල්මා

SL ශැගී

එළිය

පෝන් හොරා

ලෙල්ල හුටන්

අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත..

එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි...

මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා.. රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න...

හැමෝම ඉක්මනින් දැනුවත් කරමු. වශයෙනි.

මෙලෙස යුරේනි එක් කළ පෝස්ටුව සහ රෝහිත සිය ඉන්ස්ටග්රෑම් පිටුවේ සඳහන් කළ දේ පහතින් දැක්වේ.

GalleryGalleryGalleryGalleryGallery