සුනඛයා සිහිසුන් කර පුද්ගලයන් දෙදෙනෙකු නිවසකට පැන සිදු කළ දේ..(VIDEO)

Sri Lanka Crime
By Sewvandhi Jul 23, 2022 01:29 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසකට ඇතුළුවී එහි නවතා තිබූ පාපැදියක් සොරකම් කරගෙන යන අයුරු නිවසේ තිබූ CCTV කැමරාවක සටහන්වී තිබේ.

එම සොරකම සිදුව තිබුණේ ගල්කිස්ස, පීරිස් පාර ප්‍රදේශයේ නිවසකය. නිවසේ ඇති කරන සුනඛයාගේ නාසයට යම්කිසි විෂ ද්‍රව්‍යක් ඉසීමෙන් සුනඛයා සිහිසුන් කර මෙම සොරකම සිදුකර තිබේ.

ඒ හේතුවෙන් සුනඛයා දින කිහිපයක් අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බවද නිවැසියන් පවසා ඇත. සොරකම සිදුකළ පුද්ගලයින් දෙදෙනාව නිවැසියන් විසින් හඳුනාගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය විමර්ශන සිදුකරයි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now