කෙහෙළියගේ හොර එන්නතෙන් ඒඩ්ස් ඇතුළු රෝග රැසක් වැළඳීමේ අවදානමක්.- ලබාගත් රෝගීන් සෙවීමේ පරීක්ෂණයක්.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka HIV Symptoms Immunoglobulins
By Wayomi Feb 05, 2024 12:05 PM GMT
Report

ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්බියුලින් එන්නත් ලබාදෙමින් ප්‍රතිකාර කළ රෝගින් පිළිබඳව තොරතුරු රැස්කරමින් පරික්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, මෙම එන්නත් තොගයේ බැක්ටීරියා ඇති බවට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් කළ පරික්ෂණයෙන් හෙළි වූ කරුණුත් සමඟයි.

විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, මාතර මහරෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල, යන රෝහල්වලින් ලැබුණු පැමිණිලි මත මෙම එන්නත පිළිබඳව පරික්ෂණ ආරම්භ කරනු ලැබුවා.

ඒ, අනුව එම එන්නත ලබාදුන් රෝගින් පිළිබඳව තොරතුරු රැස්කර පරික්ෂණ ආරම්භ කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළා.

එමෙන්ම මෙවැනි බැක්ටීරියා සහිත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් රෝගින්ට ලබා දීමේදී එච් අයි වි ඒඩ්ස් , හෙපටයිටිස් බී ,හෙපටයිටිස් සී, සහ බැක්ටීරියා අසාදන වැනි රෝගාබාධවලට ලක්විය හැකි බවයි වෛද්‍යවරු අනතු අඟවන්නේ.

ඒ, අනුව මෙම රෝගින් යළි පරික්ෂා කිරීමට නියමිතයි.