සුරාබදු දෙපාර්තමේන්තුව කොට උඩ. - අකර්මන්‍ය වීමේ අවදානමක්.

Government Of Sri Lanka Excise Department of Sri Lanka
By Wayomi Jan 03, 2024 04:19 AM GMT
Report

ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, එහි ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන්.

මේ අනුව තවත් මාස 05ක් ඇතුළත ප්‍රධාන පරිපාලන නිලධාරීන් සිව්දෙනෙකුම විශ්‍රාම යාමට නියමිත අතර පරිපාලනය සිදුකරන නිලධාරීන් 06 දෙනාගෙන් සුරාබදු කොමරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන තිබෙනවා.

එමෙන්ම වැඩබැලීමට පත්කර ඇති කොමසාරිස්වරයාද පෙබරවාරි 25 වනදින විශ්‍රාම යාමට නියමිත බව සඳහන්.

සුරාබදු දෙපාර්තමේන්තුව කොට උඩ. - අකර්මන්‍ය වීමේ අවදානමක්. | Risk Of Excise Department Becoming Dysfunctional

ඒ, අනුව මේ හේතුවෙන් ඉදිරියේදී රාජගිරියේ පිහිටි සුරාබදු ප්‍රධාන කාර්යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර මේ පිළිබඳ අවධානය යොමු කරමින් සුරාබදු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලා ඇත්තේ සිටින අත්දැකීම් අඩු නිලධාරීන් පුහුණු වන තෙක් ප්‍රධාන නිලතල දරණ නිලයන් විශ්‍රාම නොයවන ලෙසයි.

එමෙන්ම සුරාබදු විධායක නිලධාරීන් සඳහන් කරන්නේ, රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම මඟින් රටට බදු මුදල් අවශ්‍යම මොහොතක ඒවා එක්රැස් කිරීමට නොහැකි වන බවයි.  


                                                                                                       Sponsored By Sarrita Jewellery