උද්ධමනය සමඟ ඇති විය හැකි අවදානමක් ගැන GMOA අනතුරු අඟවයි.
රට තුළ පවතින උද්ධමනය නිසා ජීවන වියදම ජනතාවට ඔරොත්තු නොදෙන තරමට ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් මන්දපෝෂණයෙන් යුත් ජන සමාජයක් අනිවාර්යයෙන්ම නිර්මාණය වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසනවා.
ඔහු පවසන්නේ, ඉන්ධන මිල ඉහළ ගොස් අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම නිසා රටේ සියලු ම ජනකොටස්වලට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.
මෙම තත්වය සමස්ත රෝහල් පද්ධතියටම බලපා ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ, අනුව සායනවලට පැමිණෙන රෝගීන් මසකට වරක් පැමිණිය යුතු වුවත්, බොහෝ රෝගීන් සායනවලට මාස දෙකකට වරක් පැමිණෙන තත්ත්වයක් නිර්මාණයවී ඇති අතර, රෝහල්වලින් බෙහෙත් ලබා දීමේ අඩුවක් දක්නට ලැබෙනවා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, පාසල් දරුවන්ට පොත්පත් ලබා දීමේදී මවුපියන්ට බරපතළ ගැටලුවලට මුහුණපාන්නට සිදුව ඇති බවත්, මාසික වැටුප් ලබන කිසිවෙකුට වැටුපෙන් ජීවත්වීමට හැකිව තිබෙන්නේ සති දෙකක පමණ කාලයක් බවත්ය.
අද පවතින ගැටලුවට පක්‍ෂ දේශපාලනයෙන් ඉවත්ව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම දේශපාලන පක්‍ෂ එකට එක්වී ස්ථිරසාර වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.
උපුටා ගැනීම - මව්බිම
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න. |