බ්‍රිතාන්‍ය අගමැති සමාව ඉල්ලයි..! හේතුව මෙන්න..
සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය.
තමන් ආසන පටි නොපැලඳ මෝටර් රථයේ ගියේ කෙටි දුරක් වුවත්, එය තමන් අතින් වූ වරදක් බවත් ඒ ගැන තමන් දැඩි ලෙස කනගාටුවන බවත් සමාව ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පසුව පැහැදිලි කළේය.
අග්‍රාමාත්‍ය සුනාක් මෝටර් රථයේ ගමන් කරමින්, සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මිනිත්තුවක වීඩියොවක් රූගත කළේ ඔහුගේ නව ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමිනි.
රියදුරා මෝටර් රථය පදවමින් යද්දී, පසුපස අසුනේ අසුන් ගත් අග්‍රාමාත්‍ය සුනාක්. ආසන පටිය ඉවත් කරමින්. එම වීඩියෝවට පෙනී සිටී. එය මිනිත්තුවක වීඩියෝවකි.
කෙසේ නමුත් පසුව වීඩියෝව නැරැඹූ බොහෝ දෙනා දොස් නගා ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කලින් අග්‍රාමාත්‍යවරයා නීති ගරුක විය යුතු බවය. ආසන පටි නොපැලඳ සිටීම වරදක් බව පෙන්වා දෙමින් වීඩියෝව නැරැඹූ බොහෝ දෙනකු අග්‍රාමාත්‍යවරයාට දොස් නගා චෝදනා කරන්න වූහ.
බි්‍රතාන්‍යයේ ආසන පටි නොපැළඳ ගමන් කිරීමේ වරදට ස්ටර්ලිං පවුම් 100 සිට 500 කට නොවැඩි දඩයක් නියම කළ හැක. ආසන පටි නොපැලඳ යා හැක්කේ රෝගී තත්ත්වයක් ඇති විට වෛද්‍ය නිර්දේශ අනුව පමණි.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක් එම වීඩියෝවට පෙනී සිට ඇත්තේ, රජයේ නව ප්‍රතිපත්ති යටතේ, ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ ව්‍යාපෘති 10 ක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්ය.
එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ මෝටර් රථය ගමන් කර ඇත්තේ පොලිස් යතුරු පැදි ආරක්ෂාව ද ඇතිවය. එසේ වුවත් මේ වනවිට අග්‍රාමාත්‍ය රිෂි සුනාක් මෝටර් රථයේ ආසන පටි නොපැළඳ ගමන් කිරීම මේවනවිට ලැන්කෂයර් පොලිසියේ අවධානයට ද යොමු වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |