බිහිසුණු රිය අනතුරකට ලක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාගේ නවතම තත්වය..

By Sewvandhi Jan 04, 2023 11:26 AM GMT
Report

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්ගේ නවතම සෞඛ්‍ය තත්ත්වය ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු පසුගියදා බිහිසුණු රිය අනතුරකට මුහුණ දී රෝහල් ගත කෙරුණා .

එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්වන්නේ අද දිනයේ ගුවනින් මුම්බායි වෙත රැගෙන යන බවය. එහිදී ඔහුගේ පාදයේ දණහිස ආශ්‍රිතව සිදුකිරීමට නියමිත සැත්කම පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිත බවද එම වාර්තා සඳහන් කර ඇත.

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ ප්‍රතිකාර සඳහා පත්කර ඇති වෛද්‍ය කණ්ඩායම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

මේ අතර අනතුරට ලක්වූ රිෂාබ් හට දිගු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවනු ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා පළකර තිබුණි.

ඉන්දියාවේ Uttarakhand ප්‍රාන්තයේ රූර්කි ප්‍රදේශයේදී පසුගිය 30 වනදා සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ රිෂාබ් රෝහල්ගත කළේය. අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රිෂාබ් ට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. විවිධ ආපදා අවස්ථාවලදී මෙන්ම අසරණ මිනිසුන් වෙත උපකාර සිදුකිරීම හේතුවෙන් අතිශය ජනාදරයට පත්වූ ක්‍රීඩකයෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now