පවුලම පොලිසියට ගිහින් යකා නටලා - නිළධාරීයෙක් හපත් කාලා.. අන්තිමට රොත්ත පිටින් පවුලටම වුණ දෙය..
මඩකලපුව කොකුවිල් පොලිස් ස්ථානයට පැමිණ එකම පුවුලේ මව, දියණිය හා පුතා කළහාකාරී ලෙස හැසිරී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පොලිස් නිලධාරිනියක ඇතුළු නිලධාරීන් තිදෙනකුට පහරදී, තවත් පොලිස් නිලධාරියකු සපා කා තිබෙනවා.
ඒ හේතුවෙන් සිවු දෙනකු තුවාල ලබා මඩකළපුව මූලික රෝහලට ඇතුළත් කළ බව කොකුවිල් පොලීසිය සඳහන් කළේ ය.
ඒ අනුව පොලීසිය විසින් පුතා, මව සහ දියණිය අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පිරිස විසින් පොලිස් ස්ථානයේ සවිකර තිබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සහ පොලිස් නිලධාරීන්ගේ මෙහෙවර සහ දැක්ම ගැන තොරතුරු ඇතුළත් පුවරු දෙකකට ද පහරදී හානි කර ඇති බව වාර්තා වේ.
මෙම මව, දියණිය සහ පුතාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ත්රිරෝද රථ රියැදුරකු කොකුවිල් පොලීසියට පැමිණ ඇත.
ඔහුගේ පසුපසින් ඔවුන් ද පොලිස් ස්ථානයට පැමිණ ඇත.
එහිදී ත්රිරෝද රථ රියැදුරාට විරෝධය පළ කර මොවුන් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.
එහිදී ඔවුන් පොලිස් නිලධාරිනියකට සහ නිලධාරීන් දෙදෙනාට පහර දී පොලිස් කොස්තාපල්වරයකු සපා කා ඇත.
Sponsored By Sarrita Jewellery