රජයෙන් ජනතාවට ලැබෙන සහනය ගැන නැවතත් කළ දැනුම්දීම මෙන්න.

Ranil Wickremesinghe Sri Lanka Politician Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 21, 2024 10:02 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රජයෙන් ජනතාවට ලැබෙන සහනය ගැන නැවතත් කළ දැනුම්දීම මෙන්න. | Rice For Every Low Income Family

ඒ අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැඟින් ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (21) ඌව පරණගම අඹගස්දෝව ක්‍රීඩාංගණයේ පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික උත්සවයට එක්වෙමින් ය.

රාජ්‍ය සේවය ගැන මෙරටින් ඇහෙන දුක හිතෙන ආරංචියක්?..

රාජ්‍ය සේවය ගැන මෙරටින් ඇහෙන දුක හිතෙන ආරංචියක්?..

මේ අතර, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා නොමිලේ සහල් බෙදාදීම මේ වන විට ක්‍රියාත්මක බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.

එමෙන්ම, අප්‍රේල් මාසයේ ලබාදීමට නියමිත සහල් කිලෝග්‍රෑම් 10 මේ වන විට දිවයින පුරා බෙදාදීම ආරම්භ කර ඇති බව වැඩිදුරටත් එම සංගමය සඳහන් කර සිටියේ ය.