රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට දුන් ඇපය අහෝසි කරන්න ඉල්ලයි

Dr Wijeyadasa Rajapakshe Latest Headlines Sinhala news Puwath.lk Charith Abeysinghe
By R.rishma Oct 30, 2026 07:45 AM GMT
Report

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීරණය අභියෝගයට ලක්කර තිබේ.

ඒ අනුව, අදාළ ඇප නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත.

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

අදාළ ප්‍රතිශෝධන පෙත්සම අද (30) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.